කජු බැදුම

අවශ්‍ය ද්‍රව්‍ය
- කජු මද 200 යි,
- ලුණූ කුඩු ස්වල්පයක්,
- කහ කුඩු ස්වල්පයක්,
- මිරිස් කුඩු මේස හැඳි 1 යි,
- බටර් ස්වල්පයක්
සාදන ක්‍රමය
- කජු පොතු ඉවත් කර ලුණු කුඩු, කහ කුඩු සහ මිරිස් කුඩු සමග මිශ්‍ර කරන්න. පැයක් හෝ දෙකක් තිබෙන්නට හරින්න.
- තාච්චියක් වැනි භාජනයකට බටර් දමා රත්වන විට කජු ටික එයට දමා බදින්න. හැන්දකින් එහා මෙහා පෙරළන්න.
- කරස් හඬින් හැපෙන තරමට බැදුනු පසු ලිපෙන් ඉවතට ගෙන මෘදු රෙදි කඩකින් පොට්ටනියකට බැඳ තෙල් ඉවත්වන්නට හරින්න.
- දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.
