මාළු ඩෙවල්

May 24, 2023by iwumphihum_ad0
83-1280x961.jpg

අවශ්‍ය ද්‍රව්‍ය            

  • තලපත් මාළු  500g,
  • ලොකු ළුණු  50g,
  • තක්කලි  ගෙඩි  02,
  • මාළු මිරිස් කරල්  06,
  • අමුමිරිස්  කරල්   04,
  • කැලී  මිරිස්‌ තේ හැදී 04 පමණ  , 
  • ගම්මිරිස් කුඩු තේ  හැදී  1/2,
  • දෙහි ගෙඩි   01,
  • සුදුළුණු  (සිහින්ව කපා ගන්න ලද ) තේ හැදී 01,
  • ඉගුරු (සිහින්ව  කපා ගන්න ලද ) තේ හැදී  1/2,
  • කරපිංචා ස්වල්පයක් ,
  • පදමට  ලුණු,
  • සොයා සෝස්  තේ හැදී 04,
  • තක්කාලි  සෝස්  මේස  හැදී 03,
  • සුප් කැට  01,
  • සිනි තේ හැදී 1/2,
  • එළවළු තෙල්   1/2  , 
  • වතුර ස්වල්පයක්

සාදන ක්‍රමය                    

  • පළමුව  සෝදා පිරිසිදු  කරගත්  මාළු  කැබලි වලට කපා ගන්න.  ඉන් අතුරුව එයට  දෙහියුෂ, ලුණු , සහ ගම්මිරිස් කුඩු  එකතු කර  අත ගා (සීසන් කරගන්න ) විනාඩි 15  පමණ  තබන්න .ඉන්පසු , ලොකු ළුණු ,මාළු මිරිස්, තක්කාලි ,ඩෙවල් හැඩයට  කපා  ගන්න .(මෙය  ඔබ කැමති ආකාරයකට උනත් කපා  ගත හැක .) 
  • අනතුරුව පිරිසිදු භජනයක් ලිප තබා , එය රත්වූ පසු  එයට තෙල්  දමා  තෙල් රත්වූ පසු   මාළු  කැබලි  තෙලට දමා හොදින් බැද ගන්න.  
  • ඉන් පසු පිරිසිදු  භජනයක් ලිප තබා , එය රත්වූ  පසු  එයට තෙල් ස්වල්පයක් දමා රත්වූ පසු , කපා ගන්න ලද සුදුළුණු , ඉගුරු , එකතුකර , රන් පැහැය වූ පසු  එයට කරපිංචා, සහ ලොකු ළුණු,මාළුමිරිස් එකතු කරමින් මද වෙලාවක් පිස ගන්න.
  • අනතුරුව , එයට කැලි මිරිස්, සහ සොයා සෝස් ස්වලපයක්  මිශ්‍ර කර ,බැදගත් මාළු  කැබලිද එයට එකතු කර ලිපේ ගින්දර මදක් අඩුකර ,එයට තක්කාලිසෝස්, සිනි . සහ අනිකුත් රස කාරක මිශ්‍ර කර ,විනාඩියකින්  පමණ වතුර ප්‍රමානවත් පරිදි එකතු කර ලිපෙන් ඉවතට කර ගැනීමට පෙර ඩෙවල් හැඩයට කපා ගත් තක්කාලි කැබලි එකතු කර  හැකි විගස  ලිපෙන් බාගන්න . 
  • අනතුරුව සදා ගත් මාළු ඩෙවල් සුදුසු භාජනයකට දමා කැම මේසයට  යවන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *


WRITE

Our team

We are like to hear you.
info@iwumpihum.hulands.com




GET IN TOUCH

Follow Our Activity

Keep in touth with us with social media


error: Content is protected !!