නූඩ්ල්ස් විත් ප්‍රෝන්ස්

අවශ්‍ය ද්‍රව්‍ය
- නූඩ්ල්ස් 500g,
- ඉස්සන් 200g (පොතු ඉවත් කරන ලද ),
- කැරට් 100g (සිහින්ව ලියාගත් ),
- ගෝවා 100g (සිහින්ව ලියාගත්),
- සිහින්ව ලියාගත් බිළුණු ගොඩි 02ක්,
- සිහින්ව ලියාගත් සුදුලුනු ගොඩි 02ක්,
- ලුණු සහ ගම්මිරිස් කුඩු ස්වලපයක්,
- සොයා සෝස් සහ සේසමි ඔයිල් (තල තෙල්),
- එළවලු තෙල් ස්වලපයක්.ඉගුරු,
- බටර් මේස හැදී 02ක්
සාදන ක්‍රමය
- පළමුව භාජනයක් ලිප තබා වතුර එකතු කර වතුර උතුරනවිට එයට බටර් හො තෙල් ස්වල්පයක් දමා හොදින්බොයිල් වීමට හරින්න , ඉන් අනතුරුව එයට පිළියෙළ කරගත් නූඩ්ල්ස් එකතු කර විනාඩි 05 පමණ තම්බා ගන්න.
- අනතුරුව එය වෙනත් භජනයකට පෙරා ගන්න , ඉන් පසු එය නැවත සිතල වතුරෙන් පෙරා ගන්න.
- ඉන් පසු භාජනයක් ලිප තබා එයට තෙල් ස්වල්පයක් එකතු කර තෙල් රත්වූ පසු සිහින්ව කපාගත් ඉස්සන් එකතු කරගන්න .
- මද වෙලාවක් රන් පැහැය එනතුරු බැදගන්න.දැන් එයට බිලූ , සුදුලුනු , ඉගුරු . එකතු කරමින් මද වෙලාවක් පිස ගන්න.
- අනතුරුව එයට කැරට්, සහ සොයා සෝස් සුප් කැට 01 ක්දමා විනාඩි කීපයක් පිසගෙන නූඩ්ල්ස් එකතු කර හොදින් කලවම් කරගන්න .
- ඉන් අනතුරුව ගෝවා එකතු කරමින් තලතෙල් ස්වල්පයක් එකතු කරමින් රසය පරිදි ලුණුද, ගම්මිරිස්කුඩුද , ඔබට අවශ්‍යනම් චිලිපේස්ට් ස්වල්පයක් එකතු කරමින් ලිපෙන් ඉවතට ගන්න.
- දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.
