චොකලට් කේක්

අවශ්‍ය ද්‍රව්‍ය
- පාන් පිටි 75g
- සීනි 75g
- බටර් 100g
- ෆ්‍රෙශ් මිල්ක් මේස හැඳි 2
- කොකෝවා පව්ඩර් 35g
- බේකින් පව්ඩර් තේ හැඳි 1/2
- බිත්තර දෙකක්
- වැනිලා තේ හැඳි 1
- උකු කල කිරි මේස හැඳි 3
සාදන ක්‍රමය
- පිටි, බේකින් පව්ඩර්, කොකෝවා පව්ඩර් සහ එකට මිශ්‍ර කර තුන් වරක් හලාගන්න.
- සීනි ,බටර් මධ්‍යම වේගයකින් බීට් කරන්න.(සීනි දියවෙනකම්)
- දැන බිත්තර එකින් එක එක් කරමින් ඉතාම අඩු වේගයකින් බීට් කරගන්න.
- ඉන්පසු මිශ්‍රණයට ෆ්‍රෙෂ් මිල්ක් , උකු කල කිරි ,වැනිලා එකතු කර බීට් කරන්න එපා ලී පත්තකින් හිමීට එකතු කරන්න.
- දැන් කලින් හලා ගත් පිටි ටිකින් ටික එක්කරමි පරිස්සමින් මිශ්‍ර කර ගන්න.
- අවන් එකට දාන්න පුලුවන් කේක් තැටියකට හොඳින් බටර් තවරා, තෙල් කඩදාසි දමා කේක් මිශ්‍රණය ද දමාගන්න.
- ඉන්පසු සෙල්සියස් 180ට පෙර රත් කරන ලද අවන් එකක විනාඩි 30–35 අතර කාලයක් බේක් කරගන්න.
- දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.
