චොකලට් මූස්

අවශ්‍ය ද්‍රව්‍ය
- චොකලට් 50g,
- මාෂ්මෙලෝස් 10,
- කිරි කෝප්ප 1,
- චොක්ලට් පවුඩර් මේස හැදි 2,
- මිලික්මේඩ් මේස හැදි 1
සාදන ක්‍රමය
- මුලින්ම චොක්ලට් ටික සිහින්ව ග්‍රේට් කරගන්න.
- දැන් කිරි ටික ලිපේ තියලා මිලික්මේඩ් මේස හැදි 1 ත් දාලා ඒකටම මාෂ්මෙලෝස් 10 විතර දාලා දියවෙනකල් නොනවත්වා මදගින්නෙ විස්ක් එකකින් කවලම් කරන්න.
- රත් වූ කිරි මිශ්‍රණය ග්‍රේට් කරගත් චොක්ලට් ටික ට දාලා එයට චොක්ලට් පවුඩර් ටිකත් දාලා හොඳින් දියවෙනකල් විස්ක් එකකින් කවලම් කරගන්න .
- දැන් මෙසේ මූස් එක ඔයාලා ගෙ ඩෙසර්ට් කප්ස් වලට දාලා ෆ්‍රිජ් එකේ යට කොටසේ තියලා සෙට් කරගන්න.
- දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.
