පලතුරු සහ සව් කස්ටඩ්

අවශ්‍ය ද්‍රව්‍ය
- සව් කප් 1/2 ක්,
- වතුර කප් 3 1/2 ක්,
- Fresh milk 500ml ක්,
- කස්ටර්ට් පව්ඩර් මේස හැදි 2 ක් (කිරි කප් කාලක දියකරගන්න ),
- ටින් කිරි හෝ සීනි කප් 1 ක්,
- ගී හෝ බටර් මේස හැදි 2 ක්,
- කජු,
- වියලි මිදී,
- කෑලි කපාගත් පලතුරු වර්ග කප් භාගය බැගින්. (අඹ, කෙසෙල්, මිදි, දෙලුම් ඇපල් )
සාදන ක්‍රමය
- පලමුව සව් හොඳින් සෝදා පැය 2ක් පමණ පෙගෙන්නට තියන්න.
- භාජනයකට වතුර දමා ලිපේ තබා හොඳින් හොඳින් නටන කොට එයට පොගවා පෙරාගත් සව් එක් කර විනාඩි 15 මද් ගින්දරේ තම්ම්බා ගන්න
- මෙයට කිරි එක් කරන්න. මද ගින්නෙ නටවා ගන්න
- දැන් සීනි හෝ ටින් කිරි එක්කරගන්න.
- සදා ගත් කස්ටර්ට් මිශ්‍රණය දමා කලවම් කරන්න විනාඩි 5ක් පමණ මද ගින්නෙ පිස ගන්න ලිපෙන් ඉවත් කරන්න.
- වෙනම පොඩි භාජනයකට ගී හෝ බටර් ලිපේ තබා එයට කජු සහ වියලි මිදී දමා බැදගන්න එය බැදගෙන කිරි මිශ්‍රණයට එක් කරන්න හොඳින් කලවම් කර සම්පූර්ණයෙන් නිවෙන්නට හරින්න.
- පසුව කපාගත් පලතුරු එක් කර ශීතකරණයෙ පැය 2ක් පමණ තබා ආහාරයට ගන්න .
