ඔට්ස් කුකිස්

අවශ්‍ය ද්‍රවය
- ඔට්ස් ( කැබලි කරගත් oats ) 1 1/4 Cup ( 100g ),
- පාන් පිටි Cup 3/4 (90g) ,
- කුරුදු කුඩු තේ හැදි 1/2 ( අවශ්‍ය නම් පමනක්),
- බේකින් පවුඩර් 1 1/2 තේ හැදි ,
- ලුණු තේ හැදි 1,
- පිරිසුදු පොල්තෙල් හෝ බටර් මේස හැදි 2,
- මාපල් සිරප් Cup 1/3 ( 106g )( මාපල් සිරිප් නැතිනම් මී පැනි හෝ කිතුල් / පොල් පැනි) මා යොදාගත්තේ මාපල් සිරප්,
- වැනිලා තේ හැදි 1/2,
- ලොකු බිත්තර 1,
- චොකලට් චිප්ස් Cup 1/2 ( 90g). -( තිබේනම් පමනක්)
සාදන ක්‍රමය
- මුලින්ම වියලි අමුද්‍රව්‍ය සියල්ල බාජනයකට දමා හොදින් මිශ්‍ර වනතුරු කවලම් කරගන්න .
- පසුව දියර අමුද්‍රව්‍ය වෙනම බාජනයකට දමා කවලම් කරගන්න.
- පසුව දියර මිශ්‍රණය වියලි ද්‍රවය භාජනයකට දමා හොදින් කවලම් කරන්න.
- පසුව මෙය පියනකින් වසා පැය බාගයක් ශිතකරනයේ සාමාන්‍යය කොටසේ තබන්න .
- අවන්එක 170 C උශ්නත්වයට රත්කරගන්න.( Pre heater )
- මිශ්‍රණය එලියට ගෙන කුඩා බෝල සාදා tray එකකට පාච්මන් හෝ ෆොයිල් පේපර් එකක් දමා ඉඩ ඇති ආකාරයට අසුරා , බෝල ගතිය පැතලි විමට යන්තම් හැන්දකින් තද කරගන්න.
- දැන් රත්වු අවන් එකට දමා විනාඩි 12 -15 කාලයක් බේක් කරගන්න.
- දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.
