වයිට් සෝස් පැස්ටා

අවශ්‍ය ද්‍රව්‍ය
- පැස්ටා කෝප්ප 2 ක්,
- සුදුළුණු බික් 5-6 ක්,
- කැරට් අල 2 ක්,
- ලොකුළුණු ගෙඩි 1/2 ක්,
- බඩඉරිගු ඇට 50g (අත්‍යාවශ්ය්‍ය නෑ),
- ග්‍රීන් පීස් 25 / ළුණුකොල 25g,
- පොල්තෙල් මේස හැදි 5 ක්,
- කිරි කෝප්ප 2 (Fresh Milk) ක්,
- බටර් හෝ මාගරින් තේ හැදි 3 ක්,
- ලුණු, ගම්මිරිස් රස අනුව ,
- පාන් පිටි තේ හැදි 2 ක්,
- කෑලි මිරිස් රස අනුව ,
- චීස් කෝප්ප ½ ක්
සාදන ක්‍රමය
- නටන උණු වතුරට ලුණු එකතු කරලා පැස්ටා ටික හොදට තම්බ ගෙන වතුර පෙරා ගන්න. පෑන් එකක් ලිපේ තියගෙන තෙල් ටික දාලා තෙල් රත් උනාම පොඩියට කපා ගත්ත සුදුළුණු සහ ළුණු ටික දාලා බැද ගන්න.
- ලුණු එකතු කරන්න.විනාඩි 2ට විතර පස්සෙ ඔයා ගත්ත එළවලු ටික එකතු කරගන්න. එළවලු ගොඩාක් වෙලා බැද ගන්න ඕන නෑ යන්තම් මැල උනාම ඇති.
- ඊට පස්සෙ ඒ ටික වෙන භාජනයකට අයින් කරලා ඒ පෑන් එකම ආයේ ලිපේ තියාගෙන ඒකට බටර් ටික එකතු කරගන්න.
- බටර් ටික දිය උනාම ඒකට පාන් පිටි ටික එකතු කරගෙන හොදට කලවම් කරන්න. ඒක හොදට කලවම් උනාට පස්සෙ කිරි එකතු කරලා ආයෙත් හොදින් කලවම් කරන්න.මේක අඩු ගින්දරේ හොදට කලවම් කර කර හදන්න.
- ටිකක් උකු වෙද්දි ඒකටම කෑලි මිරිස්, ගම්මිරිස්, ලුණු එකතු කරන්න.මේක නටන වෙලාවට චීස් ටික එකතු කරගන්න.
- ඒත් එක්කම ලිප නිවා ගන්න. දැන් වයිට් සෝස් එකට බැද ගත්ත එළවළු, පැස්ටා ටික එකතු කරලා හොදට කලවම් කරගන්න. ලුණු මදි නම් ලුණු එකතු කරගන්න.
- දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.
