චොක්ලට් අයිස්ක්‍රීම්

අවශ්‍ය ද්‍රව්‍ය
- කිරි පිටි අඩු කොප්ප 1ක් ,
- උනු වතුර අඩු කොප්ප 1ක් ,
- ඇල් වතුර අඩු කොප්ප 1ක් ,
- සීනි රස අනුව ,
- ජෙලටින් තේ හැන්දක් උනු වතුර හැදි දමා දියකරගන්න ,
- කොකෝ පව්‍ඩර් හැදි 3ක්
සාදන ක්‍රමය
- දැන් කිරිපිටි සීනි උනු වතුර අඩු කොප්ප දමා බේන්ඩර් කරගන්නඑකටම ඇල් වතුර කොප්පය දමා ගන්න. ජෙලටින් ටික දමා ගන්න.
- කොකෝ පව්‍ඩර් ටිකත් දමා හොදට බේන්ඩර් කරගෙන මුඩිය වහන්න පුලුවන් භාජනයකට දමා ඩිෆිසර් එකේ පැය 4 තියාගන්න.
- පැය 4 පසු අයිස් එක අරගෙන හොදට බේන්ඩර් කරගන්න විනාඩි 15 විතර ආයෙත් ඩිෆිසර් එකේ පැය 4 තියාගන්න එහෙම 3 සැරයක් විතර බේන්ඩර් කරගෙන කෑමට ගන්න
