ටී බනිස්

අවශ්‍ය ද්‍රව්‍ය
- පාන් පිටි 250g,
- සීනි 50g,
- කිරි පිටි 25g,
- මද රස්නෙ වතුර 150 ml,
- බටර් හෝ මාගරින් 50g,
- ලුණු තේ හැඳි 1/2,
- බිත්තර 2,
- යීස්ට් තේ හැඳි 1 ⅓
සාදන ක්‍රමය
- මද රස්නෙ වතුර 30ml පමන කෝප්පයකට දමා එයට යීස්ට් හා සීනි තේ හැන්දක් පමණ එක් කර විනාඩි දහයක් පමන පිපෙන්නට තබන්න .
- මෙම මිශ්‍රණය අතේ ඇනීමට නොහැකි තරම් දියාරු එකක් නිසා stand mixture එකක් හෝ විස්ක් එකක් භාවිතයෙන් ඇනිය යුතුය .
- එමනිසා පිටි ටික stand mixture එකේ භාජනයට හෝ විස්ක් එකෙන් අනනවානම් වෙනත් භාජනයකට හෝ දමා ගන්න.
- දැන් එයට පිපුණු යීස්ට් මිශ්‍රනය,සීනි, බිත්තර එකක්,බටර්, කිරි පිටි, ලුණු සහ ඉතිරි වතුර ටික එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න .
- මිශ්‍රණය හොඳින් මිශ්‍ර වූ පසු වඩා වැඩි නොවූ නමුත් තරමක දියාරු ස්වභාවයක් නොහොත් අතේ ඇලෙන සුලු ස්වභාවයක් ගන්නවා.
- පසුව අතේ බටර් තවරාගෙන මිශ්‍රනය අතට ගෙන වෙනත් බටර් තැවරූ භාජනයකට දමා පොලිතින් එකකින් වසා පැය දෙකක් පමණ පිපෙන්නට හරින්න .
- හොඳින් පිපුණු පසු භාජනයෙන් ඉවතට ගෙන එය අවශ්‍ය ප්‍රමාණයේ කැබලි වලට වෙන් කරගන්න. (කැබලි 6ක් හෝ 8 කට)
- දැන් අවන් එකට දමන ට්‍රේ එකට හොඳින් බටර් හෝ මාජරින් තැවරූ පාච්මන්ට් පේපර් එකක් තබා එය උඩින් කැබලි කරගත් බනිස් මිශ්‍රනය බනිස් වල හැඩයට බෝල කර පිපීමට ඉඩ ඇති වන සේ අතුරා ගෙන අනෙක් බිත්තරය හොඳින් ගාසා ගෙන පින්සලක් භාවිතයෙන් බනිස් උඩ තවරා ගන්න .
- එලෙස අතුරා පැය භාගයක් හෝ විනාඩි 40 ක කාලයක් පිපෙන්නට තබන්න .
- ඒ අතර තුර අවන් එක 200 °C වලට ප්‍රී හීට් කර ගන්න .
- * බනිස් හොඳින් පිපුණු පසු අවන් එකට දමා රන් වන් පැහැය වන තෙක් බේක් කරගන්න . (අවන් එකෙන් අවන් එකට කාලය වෙනස් වන නිසා නිශ්චිත කාලයක් සඳහන් කළ නොහැක )
- බේක් උනු පසු අවන් එකෙන් ඉවතට ගෙන නිවෙන්නට තබා ආහාරයට ගන්න .
- දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.
