වම්බටු මෝජු

අවශ්‍ය ද්‍රව්‍ය
- අමුමිරිස් 50g (යන්තම් පලාගන්න),
- රතුළූණු 75g,
- උකු පොල්කිරි කෝප්ප 3/4,
- අබ ඇට තේ හැඳි 3/4 පමණ,
- විනාකිරි තේ හැඳි 02,
- සීනි තේ හැඳි 01,
- ඉඟුරු පොඩි කෑල්ලක්,
- සුදුළූණු බික් 05-06,
- ලුණු රස අනුව,
- සියඹලා යුෂ තේ හැදි 2 පමණ,
- තෙල්
සාදන ක්‍රමය
- වම්බටු තීරු වලට කපා ගෙන කහ ලුණු අතගාගෙන හොඳින් බැදගන්න.
- අබඇටටිකවිනාකිරෙන්අඹරාගෙනඒකටමිරිස්කුඩුසහලුණුදාලාමිශ්‍රකරලාපැයක්විතරතියන්‘*(එතකොට අබ වල තිත්ත ගතිය යනවා).
- රතුළූණු, අමුමිරිස් සෝදලා *පේපර් සර්වියට් එකකින් හරි රෙදි කෑල්ලකින් හරි හොඳට තෙත මාත්තු කරගන්න.
- උකු පොල්කිරි එක මැටි හට්ටියකට දාලා ඒකට හොඳට අඹර ගත්ත ඉඟුරු, සුදුලූනු ටික දාන්න. එකටම අබ මිශ්‍රණයත්, සීනිත් දාන්න.
- සියඹලා යුෂ අරගෙන ඒකත් මේ මිශ්‍රණයට දාලා හොඳට කලවම් කරන්න .
- දැන් ලිප ඔන් කරලා මේ මෝජු ග්‍රේවි එක හදාගන්න. අන්තිමට කහ දාල පොල්කිරි උතුරනකම් උයාගන්න.
- ග්‍රේවි එක නටනකොට ඒකට යාන්තම් පලා ගත්ත අමු මිරිස් ටිකත්, රතු ලූණු ටිකක් දාලා ටිකක් විතර ඉදෙන්න අරින්න.
- ඒකට බැදපු වම්බටු ටික දාන්න.තැලෙන්නේ නැතිව හෙමීට මිශ්‍ර කරගන්න.
- දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.
