මාළු බිස්ටෙක්

අවශ්‍ය ද්‍රව්‍ය
- තම්බා ගත මාළු 500 g (පෙති හෝ කොටු ආකාරයට කපා ගන්න),
- ලොකු ළුණු 100g (රව්ම්ව කපා ගන්න),
- අමු මිරිස් කරල් 5ක්,
- සුදු ළුණු බික් 4ක් (තලා ගත් ),
- අමු ඉගුරු කැබැල්ලක් (තලා ගත් ),
- රම්පේ කරපිංචා ස්වල්පයක්,
- කහ ස්වල්පයක්,
- ගම්මිරිස් මේස හැදී 1ක්,
- දෙහි යුෂ ස්වාල්පයක්,
- ලුණු (රස අනුව ),
- තෙල් මේස හැදි 3ක්
සාදන ක්‍රමය
- බදුනක් ගෙන තෙල් දමා රත් කර ගන්න.
- එයට තලා ගත් සුදු ළුණු ඉගුරු රම්පේ කරපංචා එක් කර බැද ගන්න.
- දැන් අමු මිරිස්, ළුණු,ගම්මිරිස්, කහ, ලුණු එකතු කරමින් බැද ගන්න.
- මෙයට මාළු තැම්බු වතුර ස්වල්පයක් එකතු කර ගන්න.
- අවසානයේ මාළු එකතු කර ගන්න. ලිපෙන් ඉවතට ගෙන දෙහි එකතු කරගෙන කෑමට පිළිගන්වන්න.
