වණ්ඩු ආප්ප

May 22, 2023by iwumphihum_ad0
5.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • ලොකු පොල් ගෙඩි 1 ක කිරි (හොඳින් පැසුණු),
  • පිටි (හාල් පිටි විය යුතුයි) කිලෝ 1 යි,
  • පොල් හෝ කිතුල් පැණි,
  • සීනි, ලුණු, රා මණ්ඩි,
  • කබලේ බැද තලාගත් මාදුරු ඇට කීපයක්,
  • බදින ලද කරදමුංගු ඇට කීපයක්

සාදන ක්‍රමය

  • පොල් ගෙඩියේ කිරි , මැටි මුට්ටියකට දමන්න. කිරි මිරිකීමට පොල්වතුර ගත යුතුයි. මෙයට හාල් පිටි දමා හොඳට කලවම් කරන්න. සීනි ද රා මණ්ඩි ද එකතු කරන්න. පදම විය යුත්තේ ආප්ප පිටි මිශ්‍රණයේ පදමයි. දවසක් හෝ පැය 12 ක් පමණ තබා ආප්ප සෑදීමට ගන්න.
  • පිටි මිශ්‍රණය මේ වන විට හොඳට පිපී තිබී යුතුය. දැන් ලුණු එකතු කළ යුතුයි. ලුණු හොදට මිශ්‍ර වූ පසු ආප්ප සෑදීමට ගන්න. 
  • වඩු මුට්ටියක් ළිප තබා වතුර හොඳින් උතුරන විට සිදුරු සහිත පොල් කටක් මුට්ටියේ කටට තබන්න. 
  • එයට විශාල කැද කොළයක් එළන්න. 
  • මෙයට පොල් කටු හැන්දකින් පිටි මිශ්‍රණය දමන්න.
  • වණ්ඩු මුට්ටි වහන්තරාවකින් වසා එය හතර පැත්තෙන් හුමාලය ටික වේලාවක් බේරෙන්න හරින්න. 
  • වණ්ඩු හැලිය විවෘත කළ පසු වණ්ඩු ආප්පය හතරට පැලී ඇත්නම් එයයි නියම පදමය. මේ වණ්ඩු ආපයක් 4 කට හෝ 8 කට කැපිය හැකිය.
  • (පැණි යොදා හදන කෑම වල පැණි රස ඉස්මතු වී තිබිය යුතුයි . පැණි රස අඩුනම් නීරසය. දිය රස නැති වීමට ලුණු ඇටයක් හෝ සීනි එකතු කළ යුතුය.)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *


WRITE

Our team

We are like to hear you.
info@iwumpihum.hulands.com




GET IN TOUCH

Follow Our Activity

Keep in touth with us with social media


error: Content is protected !!