ෆිෂ් කේක්

අවශ්‍ය ද්‍රව්‍ය
- සුදු මාළු (මලට්, කටු ඉවත් කර ග්‍රෑම් 450ක්),
- අර්තාපල් ග්‍රෑම් 450 ක්(තම්බා පොඩිකර ගන්න),
- හාඩ් බටර් මේස හැදි 2 ක් (සිහින් කෑලි තබන්න ),
- කුඩාවට කපාගත් පාස්ලි මේස හැදි 3ක් ,
- බිත්තර 1ක් (සුදු මද කහ මද වෙන් කරන්න),
- පාන් කුඩු කෝප්පයක් ,
- ගම්මිරිස් ලුණු රස අනුව ,
- බැද ගැනීමට තෙල්
සාදන ක්‍රමය
- මාළු සිහින්ව පොඩි කරන්න.බදුනකට ගෙන එයට පොඩි කරගත් මාළු, අර්තාපල්, බටර් පාස්ලි, බිත්තර කහ මද, ලුණු, ගම්මිරිස් දමා මිශ්‍රණය ගෑරුප්පුවක අධාරයෙන් කලවම් කරන්න.
- දැන් මෙම මිශ්‍රණය කොටස් කිහිපයකට වෙන් කරන්න.එම කොටස් පැතිලි හැඩයකට අඟල් 1/2 ක් පමණ ඝනකමට තුනී කරන්න. දැන් ඉතිරි බිත්තර සුදු මදය හා අනෙක් බිත්තරය බදුනකට දමා හොඳින් ගසන්න.
- දැන් සාදාගත් ෆිෂ් කේක් බිත්තර වල දවටා පාන් කුඩු තවරා ගැඹුරු තෙලේ බදින්න.
- දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.
