රුහුණු අච්චාරු

අවශ්‍ය ද්‍රව්‍ය
රතු ළූණු 100 g,
හාල්මැස්සන් 100 g,
අමුමිරිස් 50 g,
විනාකිරි 30 ml,
අඹරන ලද අබ 25 g,
කහ සීනි ලුණු ,
තෙල්
සාදන ක්‍රමය
- පළමුව රතු ළූණු සුද්ද කර පසෙක තියන්න අමුමිරිස් බාගෙට නැටි යාන්තමට කපා පසෙක තබන්න.
- ඉන්පසු හාල් හාල්මැස්සන්ගේ ඔලුව සුද්ද කර සුද්දකර සෝදා පසෙක තබන්න.
- පළමුව තෙල් ටිකක් ලිප තබා රත් වුණාට පසු අමුමිරිස් ටිකක් දමා පැහැය වෙනස් නොවෙන්න යන්තම් උණුසුම් කරගන්න.
- ඉන්පසු ලූණු ටික එම තෙල් එම යන්තමින් උණුසුම් කරගන්න.වැඩියෙන් තැම්බෙන්න දෙන්න එපා.ඉන්පසු හාල් මැස්සෝ ටික හොඳින් බැදගන්න.
- අඹරන ලද අබ විනාකිරි සීනි සහ ලුණු ගම්මිරිස් කුඩු දමා එකට කලවම් කර ලුණු ඇඹුල් බලා ඉහත තෙලේ තම්බා ගත් ළූණු හාල්මැස්සන් අමු මිරිස් දමා කලවම් කරන්න.
- අතින් අල්ලන්න එපා .
- වතුර නැති හොඳ පිරිසුදු පිරිසිදු භාජනයකට දමා මුඩිය වසා තබන්න.
- තුන් හතර මාසයක් වුණත් කල් තබා ගත හැකිය.
