රතු ළූණු අච්චාරුව

අවශ්‍ය ද්‍රව්‍ය
රතුළූණු ග්‍රෑම් 150 ක් ,
අමු මිරිස් ග්‍රෑම් 75 ක් ,
කැරට් ග්‍රෑම් 50 ක් ,
අමු ගස්ලබු ග්‍රෑම් 50 ක්,
අබ ස්වල්පයක් ,
මිරිස් කුඩු ස්වල්පයක් ,
විනාකිරි අවශ්‍ය පමණ ,
සුදු ළූණු ඉගුරු ස්වල්පයක් ,
ලුණු කුඩු ස්වල්පයක්,
සීනි ස්වල්පයක්,
කහ කුඩු ස්වල්පයක් ,
ගම්මිරිස් කුඩු ස්වල්පයක් ,
වතුර ස්වල්පයක්
සාදන ක්‍රමය
- රතු ලූනු සුද්ද කර සුද්ද කර සෝදා දෙකට පලා ගන්න .දිග අතට පලාගන්න.
- කැරට් ගස්ලබු සෝදා සුද්ද කර සිහින්ව කපා ගන්න.
- අබ විනාකිරි වලින් සිහින්ව අඹරා ඉඟුරු, සුදු ළූණු, මිරිස්කුඩු, කහකුඩු, ගම්මිරිස් කුඩු, එකට දමා වතුර සමග හොඳින් නටවා ගන්න.
- කොන්දෙන් වුණු පසු මිශ්‍රණයට රතු ළූණු ආදී සියලුම ද්‍රව්‍යයන් දමා එක් වර කලවම් කරගන්න. ඉවතට ගෙන ද්‍රව්‍ය සියල්ල මිශ්‍ර කර මැටි භාජනයකට දමා දින දෙකක් පමණ තබා කෑමට ගන්න.
