යෝගට් සමග කුකුල් මස්

අවශ්‍ය ද්‍රව්‍ය
කුකුල් මස් 500g ,
යෝගට් කෝප්ප 2 අමුමිරිස් කරල් 2,
ඉඟුරු කෑල්ලක්,
මිරිස් කුඩු තේ හැදි 1 1/2,
සුදුළූණු බික් 2,
විනාකිරි තේ හැද 2 ,
ලුණු
සාදන ක්‍රමය
- කුකුල් මස් සෝදා කැබලි කපාගන්න. ඉඟුරු සුදුළූණු හා අමුමිරිස් අඹරා එයට යෝගට් මිශ්‍රකර කැබලි කැපූ කුකුල් මස් වලට දමන්න.
- මිරිස්කුඩු, විනාකිර,ලුණු ද එම මිශ්‍රණයට දමන්න. වතුර ස්වල්පයක් දමා පැය 1 1/2 පමණ පසෙකින් තබන්න. ඊට පසු මෙය අවන් එකක දමා විනාඩි 20ක් පමණ බේක් කරගන්න.
- අධි ශීතකරණයේ තබා පසුව පිසගන්න .
- දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.
