මැක් පෆ් Mcpuff

අවශ්‍ය ද්‍රව්‍ය
පෆ් ඩෝ එකට
- පාන් පිටි ග්‍රෑම් 250
- ලුණු කුඩු තේහැදි 1/2
- බටර්/මාගරින් මේසහැදි 2
- කූල් වතුර කෝප්ප1/2
- බේකින් පවුඩර් තේහැදි 1 1/2
කරි එකට
- අල
- මාලු/සැමන්/සොසෙජස්
- බී ළූණු
- කරපිංචා
- සුදු ළූණු
- ගම්මිරිස් කුඩු
- ලුණු කුඩු
- කෑලි මිරිස්
- දෙහි බිංදු 4-5
සාදන ක්‍රමය
- මුලින්ම අල ටිකයි මාලු දානවනම් ඒවයි තැම්බෙන්න තියලා ඩෝ එක අනාගෙන ඉමු.
- පිටි වලට ලුණු කුඩු ,බටර් (කාමර උෂ්ණත්වයේ දියවුණු) දමා හොඳින් කවලම් කරගෙන කූල් වතුර ටික ටික දාන ගමන් ගුලියක් විදියට අනාගන්න..විනාඩි 2-3ක් පමණ නීඩ් කරලා පැය 1/2ක් වහලා තියන්න.
- දැන් අපි කරි එක හදමු..තැම්බූ අල,මාලු හෝ සැමන් එකට පොඩිකරගන්න.
- බී ළූණු ,කරපිංචා, සුදු ළූණු තෙම්පරාදු කරලා අවශ්‍ය ප්‍රමාණයට ලුණු කුඩු ගම්මිරිස් කුඩු සහ කෑලි මිරිස් දමා කවලම් කර අල මාලු මිශ්‍රණය දමා කවලම් කර ලිපෙන් ඉවත්කර දෙහි බිංදු 4-5 ක් දමා කවලම් කරන්න.
- දැන් ඩෝ එක අරගෙන ටිකක් අත්ගහලා තුනී කරලා අගල් 2.5*4 සයිස් එකට කොටු කපාගන්න.
- ඒවායෙන් එකකට කරි එක තියලා තවත් කොටුවකින් කවර් කරන්න..ගෑරැප්පුවක් අරගෙන වටේට තද කරලා සීල් කරගන්න.
- දැන් මේ හදපු මැක් පෆ් ටික පැය 1/2ක් විතර ෆ්‍රිජ් එකේ තියලා අරගෙන හොඳින් රත් වූ ගැඹුරු තෙලේ රන්වන් පාටට බැදගන්න.
- මේකට ඔයාලට දාන්න පුලුවන් ඕනෙනම් අල කොටු කපලා තම්බලා,මොසරැල්ලා චීස්,කැමති එලවලු වගේ දේවල් ඒකෙ වෙනමම රසක් තියෙන්නෙ.
- බේක් කරනවනම් සෙල්සියස් අංශක 180 පැය භාගයක් වගේ බේක් කරන්න
