මටින් හෝ චිකන් බුරියානි

අවශ්‍ය ද්‍රව්‍ය
- හාල් කිලෝ 1 ක්
- ලුණු තේ හැඳි 2 ක්
- මුදවපු කිරි මේස හැඳි 5ක්
- වතුර කෝප්ප 5 ක්
- සුදුරු ඇට තේ හැඳි 4 ක්
- කරාබු නැටි10 ක්
- එළු මස් හෝ කුකුල් මස් ග්‍රෑම් 750
- රතු ළූණු හෝ ලොකු ළූණු කෝප්ප 1 ක්
- සුදු ළූණු බික් 10 ක්
- ඉඟුරු සිහින්ව ලියාගත් තේ හැඳි 2 ක්
- කහ කුඩු තේ හැදි1/2
- මාජරින් මේ හැඳි 3 ක්
සාදන ක්‍රමය
- හාල් ගරා සෝදා ගත් පසු විනාඩි පහළොවක් පහලොවක් පමන වතුරේ තබන්න .
- එළු මස් හෝ කුකුල් මස් කුට්ටි වලට කපා විනාඩි විස්සක් පමණ මුදවාපු කිරි වල දමා තබන්න.
- සූදුරු සුදු ළූණු ඉඟුරු සිහින්ව අඹරන. ළූණු ලියන්න. බඳුනක් ගෙන එයට මාජරින් දමා රත් කරන්න.
- එය රත් වූ පසු ලියාගත් ළූණු දමා රන්වන් පැහැවන තෙක් බදින්න.
- එයට කරාඹු නැටි කරදමුංගු කුරුඳු සහ මස් එකතු කර බැදගන්න .
- එය දුඹුරු පැහැ වන තෙක් බදින්න.
- වතුරේ දමා ඇති සහල් බේරා එක්කර ගන්න. සහල් ඉතා ස්වල්ප වෙලාවක් බැදගන්න .ඉන්පසු බතට වතුර එක් කරන්න. දැන් හාල් ඉදෙන තෙක් පිසින්න.
- බත තුන් කාලකට තැම්බුණු පසු කහ කුඩු තේ හැඳි භාගයකට දමා මදගින්නේ පිසින්න.
