බීට් රූට් හා කැරට් සලාදය

අවශ්‍ය ද්‍රව්‍ය
- බීට්රූට් ග්‍රෑම් 100 යි,
- කැරට් ග්‍රෑම් 100 යි,
- ලොකු ළූණු ගෙඩි 2 යි,
- තක්කාලි ගෙඩි 2 යි,
- දෙහි ස්වල්පයක්,
- අබ ස්වල්පයක්,
- ලුණු ස්වල්පයක්,
- සීනි ස්වල්පයක්,
- ගම්මිරිස් කුඩු ස්වල්පයක්,
- විනාකිරි මේස හැඳි 1 ක්
සාදන ක්‍රමය
- බීට්රූට් හා කැරට් වෙන වෙනම තම්බා පොතු ඉවත්කර කුඩා හතරැස් කැබලි වලට කපාගන්න. ලුනු හා තක්කාලි ද කුඩා හතරැස් කැබලි වලට කපාගන්න.
- බීට්රූට්, කැරට්, ලොකු ළූණු, තක්කාලි හැර අනෙක් සියළුම ද්‍රව්‍ය බඳුනකට දමා මිශ්‍රණය සාදා ගන්න. ඉන්පසුව බීට්රූට් ඇතුළු අනෙක් ද්‍රව්‍යද කළවම් කරන්න.
- දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.
