බිත්තර Curry

අවශ්‍ය ද්‍රව්‍ය
- මදක් තම්බා පලා ගත් බිත්තර 4ක්,
- තලා ගත් ඉගුරු ස්වල්පයක්,
- සුදු ළුණූ ස්වල්පයක්,
- ලුනු,
- කපාගත් රම්ප ,කරපිංචා ,අමුමිරිස් ,
- සේර කෑල්ලක් ,
- කරදමුංගු ස්වල්පයක්,කරාබු නැටි ස්වල්පයක්,
- කුරුදු පොත්තක් ,
- මිරිස් කුඩු ස්වල්පයක්,
- ගම්මිරිස් කුඩු ස්වල්පයක්,
- කහ කුඩු ස්වල්පයක්,
- බැදපු තුනපහ ,
- පොගවා ගත් ගොරකා කැබැල්ලක් ,
- මිටිකිරි කෝප්පයක්,
- රස අනුව ලුණු ,
- තෙල් ස්වල්පයක්
සාදන ක්‍රමය
- පලමුව භාගයක් ලිප තබා එයට තෙල් දමා රත් වන විට ඉගුරු සුදු ළුණූ දමා බැදෙන්නට හරින්න.
- එයටම කුරුදු පොතු, කරදමුංගු , කරාබු නැටි එකතු කරන්න.
- ඉන් පසු ලුණු , කරපිංචා , අමුමිරිස් ද එකතු කරන්න.
- හොදින් සුවද හමමින් බැදෙන විට මිරිස් කුඩු , ගම්මිරිස් , තුනපහ , කහ එකතු කරගන්න.
- එයටම ගොරකා කෑල්ලද දමන්න.
- හොදින් මිශ්‍ර කර තම්බා පලාගත් බිත්තර ද එයටම එකතු කරගන්න.
- ඉන් පසු උකු මිටි කිරි ටිකද දමා මද වෙලාවක් ගින්දරේ ඉතුරවාගන්න.
- එවිට තෙල් පෑදී උකු හොද්දක් ලැබේවී, කැමති නම් තක්කාලී ද එකතු කරගන්න.
- දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.
