බ්‍රෝකන් ග්ලාස් ජෙලි පුඩිම / Broken glass jelly pudding

අවශ්‍ය ද්‍රව්‍ය
- නිල්, කොළ, රතු, කහ වැනි පාට 4කින් ජෙලි පැකට් 4ක් (නිල් පාට නැත්නම් blue berry එක හොයා ගන්න් ටිකක් අඩුයි),
- ටිං කිරි ටිං 1,
- ජෙලටීන් මේස හැදි 1 1/2 ,
- වතුර 350ml
සාදන ක්‍රමය
- ජෙලි පැකට් 4 වෙන වෙනම සාදා ගෙන නිසි පරිදි සෙට් වුණු පසු 1cm-2cm අතර කුඩා කොටු වලට කපා ගන්න.
- වීදුරු බෝල් එකක් ගෙන එයට කපා ගත් ජෙලි කැබලි වර්ණ විසිරෙන සේ අතුරා පසෙකින් තබන්න.
- දැන් ක්‍රීම් එක සාදා ගමු.
- වෙනම කුඩා බදුනක් ගෙන ජෙලටීන් මේස හැදි 1 1/2 දමන්න. දැන් එයට වතුර 100ml දමා කැටි නොගැසෙන සේ දිය කර ගන්න. (මෙය මද ගින්නේ ලිප මත තබා ගැනීමෙන් කැටි නොගැසෙන සේ හොදින් දිය කර ගත හැක.)
- දැන් ඉතිරි වතුර ද එක් කර හොදින් දිය කර සිසිල් වෙන්නට තබන්න.
- සිසිල් වු පසු ජෙලටීන් මිශ්‍රණයට ටිං කිරි ද එක් කර හොදින් මිශ්‍ර කරන්න.
- අවසානයේ එම මිශ්‍රණය ජෙලි කැබලි දමා ඇති බෝල් එක මත ක්‍රමවත්ව දමා ජෙලි කැබලි අතරට මිශ්‍රණය හොදින් යන පරිදි හිමිහිට භාජනය සොල වන්න.
- පැය 2, 3ක් පමණ සෙට් වීමට ශීතකරණයේ තබන්න.
- දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.
