පාන් පිටි තෝසේ

අවශ්‍ය ද්‍රව්‍ය
පාන් පිටි ග්‍රෑම් 250 ක් ,
බිත්තරයක් ,
බේකින් පවුඩර් තේ හැඳි 2ක් ,
සූදුරු හා උළුහාල් ස්වල්පයක් ,
එළවළු තෙල් ටිකක් ,
ලුණු හා වතුර අවශ්‍ය ලෙස
සාදන ක්‍රමය
- පාන් පිටි හා බේකින් පවුඩර් කලවම් කරන්න. එයට බිත්තර කහ මදය, ලුණු, වතුර, එළවළු තෙල් දමා හොදින් කලවම් කරන්න, පදමට ආ විට මිනිත්තු 30ක් පමණ වසා තබන්න.
- ඉන්පසු බිත්තර සුදු මදය හොඳින් ගසා එක් කරන්න. බැදගත් සූදුරු හා උළුහාල් ටිකද දමන්න.
- ඉන්පසු තෝස තැටියකට දමා දෙපැත්ත පුළුස්සා ගන්න .
