ප්‍රංශ ක්‍රමයට සෑදූ ළූනු සුප්

අවශ්‍ය ද්‍රව්‍ය
- කපා ගත් ලොකු ලූනු 250g
- ස්ටොක් වතුර1L
- ලුණු රස පදමට ගම්මිරිස් රස පදමට
- බේ කොළ 1
- පාන්පෙත්තක්
- තෙල් හෝ බටර් 20g
- චීස් 40g
සාදන ක්‍රමය
- තෙල් හෝ බටර් බදුනකට දමා රත් කරගෙන ලූනු තද දුඹුරු පැහැයට එන තෙක් බැද ගන්න.
- ස්ටොක් වතුර, බේ කොළ දමා තැම්බීගෙන එන විට ටිෂු කොලයක් භාවිත කර තෙල් ඉවත් කරගන්න.
- රස පදමට ලුණු, ගම්මිරිස් දමා ගෙන ලිපෙන් බාගන්න. පාන් පෙත්තක් මත චීස් දමා ග්‍රිල් කරගෙන සුප් සමග පිළිගන්වන්න.
