පතෝල සම්බෝලය

අවශ්‍ය ද්‍රව්‍ය
- ලපටි පතෝල ග්‍රෑම් 25 ක්
- රතුළූණු ග්‍රෑම් 100ක්
- අමු මිරිස් කරල් 3ක්
- දෙහි,ලුණු
- අඹරාගත් අබ තේ හැදි 1ක්
- ගම්මිරිස් තේ හැදි 1/2ක් උම්බලකඩ,කෑලි මිරිස් තේ හැදි 2ක්
සාදන ක්‍රමය
- ළපටි පතෝල සුද්ද කර හීනියට රවුම් පෙති කපාගන්න.
- එයට ලුණු ස්වල්පයක් දමා එහි ඇති වතුර ගතිය පොල් මිරිකන ආකාරයට ඉවත් කරන්න.
- ලූනු අමු මිරිස් හීනියට ලියා ගන්න. එයට අබ, ගම්මිරිස්, ලුණු, දෙහි, උම්බලකඩ දමා හොඳින් අනා ගන්න. පසුව මෙයට පතෝල ටික දමා කලවම් කරගන්න.
- දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.
