නාන් රොටි

අවශ්‍ය ද්‍රව්‍ය
- පාන් පිටි කප් 2,
- මුදවපු කිරි 1/2 හෝ යෝගට් කප් 1,
- මද උනුසුම් වතුර කප් 1/2,
- ඉස්ට් 17g පැකට් එකක්,
- සීනී තේ හැදි 1,
- ලුණු තේ හැදි 1/2,
- තෙල් මේස හැදි 1,
- පුළුස්සන විට ගෑමට තෙල් හෝ බටර් ටිකක්
සාදන ක්‍රමය
- මුලින්ම කුඩා භාජනයකට සීනි දමා එයට වතුර සහ ඉස්ට් පැකට්ටුව දමන්න.
- ඉන් පසු එම මිශ්‍රණය කලවම් කර පෙණ දමා ඉස්ට් සකීය වන තෙක් වි 10 පැත්තකින් තියන්න.
- ඉන් පසු ලොකු භාජනයකට පිටි ලුණු ,තෙල් සහ යෝගට් දමන්න.
- දැන් සකීය වු යීස්ට් මිශ්‍රණය එයට එකතු කරගන්න.
- ඉන් පසු සුමුදු පිටි බෝලයක් ලැබෙන සේ විනාඩි කිහිපයක් හොදින් මිශ්‍රණය අනාගන්න.
- දැන් අන්තිමට ප්ලාස්ටික් රැප් එකකින් හෝ තෙත රෙදි කඩකින් ආවරණය කර උණුසුම් ස්ථානයක පැයක් පමණ පිපෙන්නට තබන්න.
- පැයකට පසු පිටි ස්වල්පයක් අතුරා ගත් මේසයක් මත පිටි බෝලය තබා දිගටි හැඩයකට සකසා ගන්න.
- ඉන් පසු එය සමාන කොටස් 6කට කඩාගන්න.
- ඉන් පසු එම කොටස් කුඩා පිටි බෝල 6වන සේ බෝල කරගන්න.
- දැන් එම බෝල එකිනෙක රෝලින් පින් එකක් ගෙන රොටියක් සේ තුනී කරගන්න.
- දැන් බටර් හෝ තෙල් තැවරු තැටියක් ලිපේ තබා මදයම ප්‍රමාණය ට රත් කරගන්න.
- ඉන් පසු එයට රොටිය දමා බුබුළු මතු වන තෙක් විනාඩි 2 පමණ පැත්තක් පුළුස්සා අනික් පැත්තද පුළුස්සා ගන්න.
- ඒ විදිහට අනික් රොටි පහ ත් පුළුස්සා ගන්න .
- දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.
