තායි බත්

අවශ්‍ය දුව්‍ය
- සම්බා කිලෝ 2 යි,
- ඉස්සන් ග්‍රෑම් 500,
- ළූණු කොළ ග්‍රෑම් 400,
- රට ළූණු ග්‍රෑම් 200,
- එළඟිතෙල් ග්‍රෑම් 200,
- ගම්මිරිස්,
- කරාඹුනැටි,
- එනසාල් (අඹරාගත්) මේස හැඳි 1 1/2,
- ලුණූ ස්වල්පයක්
සාදන ක්‍රමය
- ඉස්සන් සුද්ද කරගෙන තම්බා ගන්න. එළඟිතෙල් නටවාගෙන ඉස්සන්, ළූණු කොළ, රට ළූණු සමග ගම්මිරිස් මිශ්‍රණය හොඳින් තෙම්පරාදු කරගන්න.
- ඊලඟට හාල්ද ඊට උඩින් ඉස්සන් තැම්බූ වතුරද, අවශ්‍යනම් තවත් වතුරද ලුණුද එකතුකර බත තම්බාගන්න.
- දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.
