චොක්ලට් කප් කේක්

අවශ්‍ය දුව්‍ය
- පාන් පිටි මේස හැඳි 4යි,
- සිනි මේස හැඳි 3යි (කුඩා ඇට),
- බිත්තර 1යි,
- චොක්ලට් පවුඩර් තේ හැඳි 1යි,
- කිරි තේ හැඳි 1යි,
- බටර් මේස හැඳි 2යි,
- බේකින් පවුඩර් තේ හැඳි 1/4,
- අවන් කිරීමට මයික්‍රෝවේව් අවන් එකක් හෝ පෝරණුවක්
සාදන ක්‍රමය
- පාන් පිටි, බේකින් පවුඩර්, සීනි (සීනි ඇට ලොකු නම් ග්‍රයින්ඩ් කර ගන්න.) හා චොක්ලට් කුඩු සියල්ල එකට මිශ්‍ර කොට ගෙන දෙවරක් හොඳින් හලා ගන්න.
- බටර් ටික උණු කර ගන්න.
- බිත්තරය වෙනම භාජනයක ගෑරුප්පුවකින් ගසා ගන්න.
- ගසා ගත් බිත්තරය හා බටර් ටික ටික එකට එකතු කරමින් නැවත ගසා ගන්න.
- පිටි හා බිත්තර ඇතුළු සියලුම දෑ එකට දමා එකම පැත්තට හොඳින් කලවම් කර ගන්න.
- “මයික්‍රෝ වේව් අවන් කල හැකි” තේ බොන කෝප්පයකට හෝ තසිමකට මෙම මිශ්‍රණය දමා විනාඩි 3 ක් අවන් කර එළියට ගන්න.
- දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.
