චෙරි කේක් කේක්

අවශ්‍ය ද්‍රව්‍ය
- බටර් 250g යි,
- සීනි 250g යි,
- පිටි 250g යි,
- බිත්තර 4 යි ,
- බේකින් පවුඩර් තේ හැඳි 2 ක් ,
- කජු කැබලි කෝප්ප 1/2 ක්,
- සිහින්ව කපාගත් චෙරිස් කෝප්ප 1ක්,
- කිරි ස්වල්පයක්,
- වැනිලා ස්වල්පයක්,
- රෝස පාට කලරින් ටිකක්
සාදන ක්‍රමය
- මුලින්ම පිටි සහ බේකින් පවුඩර් එකට එක් කර හලා පසෙකින් තබා ගන්න. බිත්තර,සීනි සහ බටර් බඳුනකට දමා එය හොඳින් ගසාගන්න.
- ඉන්පසු මෙයට පිටි ටික දමමින් කලවම් කරගන්න.කිරි ස්වල්පයක් ද දමා වැනිලා සහ රෝස පාට කලරින් එක් කරගන්න. මෙසේ සකසා ගත් මිශ්‍රණයට කපා ගත් කජු කැබලි චෙරිස් දමා සැහැල්ලුවට කලවම් කර බටර් තවරා ගත් තැටියක දමා ගන්න.
- උඩින් කජු සහ චෙරිස් කැබලි දමා ෆැරන්හයිට් අංශක 150 ක උෂ්ණත්වය යටතේ විනාඩි 45ක් පමණ බේක් කරගන්න.
- දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.
