චිකන් කුරුමා

අවශ්‍ය ද්‍රව්‍ය
- කුකුල් මස් ග්‍රෑම් 500ක්,
- ලූනු ග්‍රෑම් 200ක්,
- ඉඟුරු ස්වල්පයක් ,
- තක්කාලි ග්‍රෑම් 25ක්,
- අමු මිරිස් ග්‍රෑම් 25 ක්,
- පොල් ග්‍රෑම් 100 ක්,
- සූදුරු ග්‍රෑම් 5ක්,
- කජු මද ග්‍රෑම් 20 ක්,
- තුන පහ කුඩු ග්‍රෑම් 5ක්,
- මිරිස් කුඩු ග්‍රෑම් 5ක්,
- කුරුඳු කැබැල්ලක්,
- කරදමුංගු ස්වල්පයක්,
- ලුණු ස්වල්පයක්,
- තෙල් ස්වල්පයක්
සාදන ක්‍රමය
- කුකුල් මස් පිරිසිදු කර මධ්‍යම ප්‍රමාණය කැබලි වලට කපා ගන්න. රතුලූනු, අමුමිරිස්, සුදුලූනු, ඉඟුරු හා තක්කාලි සිහින්ව කපා බැද ගෙන අඹරා ගන්න.
- පොල්, සූදුරු, ගම්මිරිස් හා කජු මද අඹරාගන්න. මෙම මිශ්‍රණයට තුන පහ කුඩු කොත්තමල්ලි කුඩු හා මිරිස් කුඩු මිශ්‍ර කරන්න. තෙල් රත්කර කරදමුංගු හා කුරුදු බැඳගන්න.
- කුකුල් මස් ද ඊටම දමා බැදගන්න. අඹරාගත් සියලුම ද්‍රව්‍යන් ලුණු හා ජලය ස්වල්පයකුත් එක්කර ලිප තබන්න ඉස්ම හිඳුන පසු කොත්තමල්ලි කොලවලින් සරසා දෙහි යුෂ බත් සමග කෑමට ගන්න .
- දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.
