එළු කටු සුප්

අවශ්‍ය ද්‍රව්‍ය
- එළු මස් 450 g,
- ලීක්ස් ගස් 1 ක්,
- අර්තාපල් අල 2 ක්,
- කැරට් අල 2 ක්,
- සැල්දිරි කොළ ස්වල්පයක්,
- කරපිංචා කොළ ස්වල්පයක්,
- සිහින්ව කපා ගත් ළූණු පෙති 4-5 ක්,
- තෙම්පරාදු කිරීම සදහා මාජරින් හෝ කැමති තෙල් ස්වල්පයක්,
- ලුනු හා දෙහි ඇබුල් අවශ්‍ය පමනට,
- කුරුදු පොතු කැබැල්ලක්,
- (කැමති නම් ලුනු වෙනුවට සුප් කැටයක් යොදා ගන්නත් පුළුවන්)
සාදන ක්‍රමය
- එළු මස් කටු ටික හොදහැටි සෝදා කැබලි කැඩෙන සේ හොදින් තලා භාජනයකට දමා වතුර එකතු කොට තෙල්, ළූණු, දෙහි ඇබුල් හැර අනෙක් සියලු කලමනා ඊට දමා හොදින් තැම්බෙන්නට හරින්න. (තැම්බුනු පසු කුරුදු කැබැල්ල ඉවතට ගන්න) තෙල් හෝ මාජරින් යොදා පෙති කපා ගත් ළූණු ටික තෙම්පරාදු කොට, එයට සාදා ගත් සුප් එක එකතු කරන්න.
- එය හැදි ගා ලිපෙන් බා ගත් පසු ඔබේ රස අනුව දෙහි ඇබුල් එකතු කොට උණු උණූවේම මේසයට පිලිගන්වන්න.
