එළවළු බැදුම

අවශ්‍ය ද්‍රව්‍ය
- ගර්කින් ගෙඩි 1ක්,
- බේබි කෝන් 5-6ක්,
- බාගෙට තැම්බූ කැරට් අල 2ක්,
- වාෂ්පයෙන් (යන්තමට ) තම්බාගත් ගෝවා,
- ලීක්ස් ගස් දෙකක සුදු කොටස්,
- බෙල්පෙපර් 2ක් ,
- සුදුලූනු බික් ලූණු බික් 2ක් ,
- ලුණු ගම්මිරිස්( රස ඇවැසි පමණට ),
- සෝයා සෝස් ,
- එළවළු තෙල් ස්වල්පයක්
සාදන ක්‍රමය
- පළමුවෙනි ගර්කින්, බේබිකෝන් බාගෙට තම්බාගත් ගෝවා, තම්බාගත් කැරට්, ලීක්ස් බෙල්පෙපර්, තක්කාලි තරමක කැබලි වලට කපා ගන්න.
- පසුව තෙල් ස්වල්පයක් රත්වන්නට තබා සුදු ලූනු බැද එයට තම්බාගත් එළවළු සියල්ල දමා අඩු ගින්දරේ රස්නයට බැදගන්න. රන්වන් පැහැයට බැදුණු පසු ලුණු, ගම්මිරිස් හා සෝයා සෝස් එකතු කර මද වේලාවකට පසු ලිපෙන් ඉවතට ගන්න.
- දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.
