එළවළු බත්

May 24, 2023by iwumphihum_ad0
259-1280x960.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • සම්බා සහල් අවශ්‍ය ප්‍රමාණයට ,
  • කැරට් ,ලීක්ස්, ගෝවා, බෝංචි ,
  • අර්තාපල් ග්‍රෑම් 100 බැගින්, 
  • අමු ඉස්සන් ග්‍රෑම් 300ක් ,
  • වියලි මිදි 25ක් ,
  • ගම්බිරිස් කුඩු මේස හැඳි 1 1/2 ක්,
  • ලුණු ස්වල්පයක්, 
  • ලූනු ග්‍රෑම් 250 ක් ,
  • එනසාල්, කරාබුනැටි කරල් 3 බැගින් ,
  • රම්පෙ, 
  • කරපිංචා 

සාදන ක්‍රමය

  • සහල් වල ගල් හා වී පොතු අහුලා සෝදා එයට රම්පේ කෑලි කීපයක්,ලුණු ස්වල්පයක් හා කරදමුංගු එක් කරන්න .
  • වතුර දමා බත උයාගන්න .ඉන්පසුව වෙන වෙනම කපාගත් එළවළු සියල්ල හා පොතුහැර ගත් ඉස්සන්  කැබලි වලට කපා කපාගන්න. 
  • ඉන්පසුව දුන්තෙල් ටිකක් ලිපතබා කපාගත් එළවළු වල අමු ගතිය ඉවත් වන තුරු පමණක් බැද වෙන වෙනම ගන්න. 
  • ඉස්සන්  කෑලිද බැදගන්න බැදගන්න දැන් ඉඩ ඇති සාස්පානකට දුන්තෙල් ටික හා ලියාගත් ළූණු, කරපිංචා දමා තෙම්පරාදු කර එයට බත් හා බැදගත් එළවළු හා ඉස්සන් ටික ටික මිශ්‍රකොට කූරු ගාන්න .
  • බත හොඳට කලවම් වූ පසු ගම්මිරිස් කුඩු හා ලුණු දමා ලිපෙන් බා දීසියකට බෙදා වියලි මිදි එහි මතුපිට අතුරන්න . 
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *


WRITE

Our team

We are like to hear you.
info@iwumpihum.hulands.com




GET IN TOUCH

Follow Our Activity

Keep in touth with us with social media


error: Content is protected !!