ඉස්සෝ Curry

අවශ්‍ය ද්‍රව්‍ය
- ඉස්සෝ 500g,
- ලියා ගත් ළුණූ 8,
- කපාගත් අමුමිරිස් කරල් 3 ක්,
- තලාගත් ඉගුරු කැල්ලක් ,
- කපාගත් සුදු ළුණූ බික් 4 ක්,
- කරපිංචා ,
- රම්පේ ,
- කහ කුඩු ස්වල්පයක් ,
- ගම්මිරිස් කුඩු ස්වල්පයක් ,
- අමුතුනපහ තේ හැදි 3/4 ක්,
- මිරිස් කුඩු තේ හැදි 1 1/2 ක්,
- කුරුදු පොතු කැබැල්ලක් ,
- බැදගත් උලුහාල් ඇට කිපයක් ,
- ගොරකා කැබලි 2 පමණ ,
- මිටි කිරි අඩු කෝප්ප 1 1/4 ක්,
- දිය කිරි 1 1/2,
- ලුණු
සාදන ක්‍රමය
- පලමුව ඉස්සන් ඔලු කඩා හොදින් සෝදා ගන්න.
- ඉන් පසු ඇතිලියකට දමා එයට කහ කුඩු ,ගම්මිරිස් ,තුනපහ කුඩු ,මිරිස් කුඩු දමා හොදින් අත ගා ගන්න.
- ඉන් පසු රත් ළුණූ ,අමුමිරිස් ,ඉගුරු ,සුදු ළුණූ ,රම්පේ ,කරපිංචා ,උළු හාල් ,කුරුදු පොතු කැබැල්ලක් ,ගොරකා එකතු කරන්න.
- ඉන් පසු දිය කිරි මිටි කිරි දමා සාමාන්‍ය ගින්දරේ ලිපේ තියන්න.
- එම අතර තුර ලුණු ද එකතු කරන්න.
- ඉස්සෝ හොදින් තැබ්බුන පසු හොද්ද ලිපෙන් බා ගන්න.
- දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.
