ඉස්සෝ පීසා

අවශ්‍ය ද්‍රව්‍ය
- පිටි ග්‍රෑම් 250 ක්,
- ඊස්ට් තේ හැඳි භාගයක්,
- ලූණු තේ හැඳි භාගයක්,
- මාගරින් මේස හැඳි 2ක්,
- වතුර ,
- ස්ටොක්සාරය කෝප්ප 1 1/2ක්,
- තක්කාලි සෝස් මේස හැදි 4ක්,
- සීනි තේ හැදි 1/2 ක්,
- කෝන්පිටි මේස හැදි 1ක්,
- ඔරිගාගෝ තේ හැදි 1/2,
- බී ලුණු ස්වල්පයක්,
- සුදුළූණු, අමු ඉඟුරු ,
- ඉස්සෝ 250g
සාදන ක්‍රමය
- පළමුවෙන් පිටි මිශ්‍රණය සාදා ගැනීමේදී පිටි වලට ලුණු, වතුර සහ මාගරින් දමා හොඳින් අනා මද වේලාවක් පිටි ගුලියට අත් ගසන්න.
- පසුව එය පැය භාගයක් පමණ පිපෙන්නට තබන්න. ඉන්පසු තෙල් ස්වල්පයක් අඩු ගින්දර රස්නයට ලිප තබා සුදුළූණු, අමු ඉඟුරු එයට දමා බැදගන්න.
- පසුව බී ළූණු , සෝස් , සීනි, ස්ටොක් සාරය ,වතුර ස්වල්පයක් දමා දියකර ගත් කෝන් පිටි ලුණු පිළිවෙලින් දමා හොදින් කලවම් කර උකු වූ පසු ඔරිගාගෝ මිශ්‍ර කරන්න.
- අනතුරුව පිටි මිශ්‍රණය ගෙන තුනීවට රවුම් හැඩ සාදා ඔරිගාගෝ මිශ්‍රණය සමග කැමති පිරවුමක් දමා ඊට උඩින් මොසරැල්ලා චීස් ද සූරා දමා අවසානයේ උදුනක බහා විනාඩි 20-30ක් පමණ බේක් කරන්න.
- පීසා සඳහා පිරවීම පිළියෙල කිරීමේදී මාලු මිරිස් ,බීලූනු ,තක්කාලි, ඉස්සෝ එකතු කරගත් මිශ්‍රණය තෙම්පරාදුවට සාදාගන්න.
- දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.
