ඉස්සො බිරියානි

අවශ්‍ය ද්‍රව්‍ය
- පොතු ඉවත් කරගත් ඉස්සො 300g,
- කහ තේ හැඳි 1/2,
- මිරිස් කුඩු තේ හැන්දයි,
- ලුණු තේ හැන්දයි,
- ඉඟුරු සුදුළූණු පේස්ට් තේ හැන්දයි,
- බ්ලෙන්ඩ් කරගත්ත ළූණු කප් 1/2,
- ගරම් මසාලා තේ හැඳි 1/4,
- යෝගට් හෝ මීකිරි මෙශරින් කප් 1,
- චොප් කරගත් කොත්තමල්ලි කොළ මේස හැඳි 2,
- ගැඹුරු තෙලේ බැදගත් ළූණු කප් 1/4,
- බෙරි නොවෙන්න පිස ගත් බාස්මතී බත් කප් 1 1/2
සාදන ක්‍රමය
- කහ, ලුණු, මිරිස්, ගරම් මසාලා, ඉඟුරු, සුදුළූණු, ළූණු පේස්ට් සහ මීකිරි කප් එකෙන් භාගයක් ඉස්සන් හා මිශ්‍ර කර, පැයක් පමණ මැරිනේට් වෙන්න තියාගන්න.
- තෙල් හෝ ගී ටිකක් රත් වෙන්න තියල, ඒකට මැරිනේට් කරගත්ත ඉස්සන් මිශ්‍රණය එකතු කරල, රන්වන් පාට වෙනකම් පිසගන්න.
- පසුව ලිපෙන් ඉවත් කර ඉතිරි මීකිරි භාගය, කොත්තමල්ලි කොළ සහ බැදගත් ළූණුවලින් භාගයක් එක් කරල මිශ්‍ර කරගන්න.
- බටර් තවරාගත් භාජනයකට බත් වලින් කොටසක් ලේයර් කර, ඊට උඩින් සාදාගත් ඉස්සන් මිශ්‍රණය දමාගෙන, ඉතිරි ළූණු ටික ඉසගන්න.
- එයට උඩින් අනිත් බත් ටික දමා හොඳින් හැන්දකින් තද කර, විනාඩි 8ක් පමණ අඩුම ගින්දරේ පියනකින් වසා පිසගන්න.
- දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.
