ඉතාලියානු මිනිස්ට්‍රෝනි සුප්

අවශ්‍ය ද්‍රව්‍ය
- කපාගත් කැරට් 50g
- කපාගත් ලීක්ස් 30g
- කපාගත් ගෝවා 50g
- කපාගත් ලූනු 5g
- කපාගත් සුදු ලූණු බික් 2
- කපාගත් සැල්දිරි 10g
- තම්බාගත් පැස්ටා 20g
- තක්කාලි පේස්ට්30g
- පාස්ලි ස්වල්පයක්
- ස්ටොක් 1L
- කපාගත් බේකන් කැබැලි 1
- ලුණු රස පදමට ගම්මිරිස් රස පදමට
- පාමේසන් චීස් (ගාගත්) 20g
- බටර් මේස හැඳි 1
- තෙල් මේස හැඳි 1
සාදන ක්‍රමය
- කැරට්, ලීක්ස්, ගෝව, සැල්දිරි, බේකන් කැබලි පෙයිසැන් ක්‍රමයට (තුන්හුලස් හැඩයට) කපාගන්න . බදුනකට බටර් සහ තෙල් දමා රත් කරගෙන ලොකු ලූණු, සුදු ලූණු, තෙම්පරාදු කරන්න.
- එයට එළවළු, බේකන් දමා පිසගන්න. පසුව ස්ටොක් වතුර එක් කරන්න.
- දියකර ගත් තක්කාලි පේස්ට් පැස්ටා හා රස පදමට ලුණු, ගම්මිරිස් දමා ලිපෙන් බාගෙන උඩින් පාස්ලි ස්වල්පයක් ඉසින්න.
- පසුව පිළිගන්වන විට පාමේසන් චීස් සමග පිළිගන්වන්න.
