ඇපල් පුඩිම

අවශ්‍ය ද්‍රව්‍ය
- පිටි ග්‍රෑම් 100 යි,
- මාගරින් ග්‍රෑම් 50 යි,
- සීනි ග්‍රෑම් 100 යි,
- බිත්තර 2 යි,
- ඇපල් ගෙඩි 2 යි,
- ඇපල් යුෂ කෝප්ප 1/2 යි
සාදන ක්‍රමය
- පිටි හලාගන්න, ඇපල් ගෙඩි 2 හි පොතු ඉවත් කරගන්න. භාජනයක පිටි, මාගරින්, සීනි සහ හොඳින් ගසාගත් බිත්තර සහ ඇපල් යුෂ එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.
- පුඩිං තැටියක් ගෙන පතුලේ පෙති ගසාගත් ඇපල් විසුරවමින් තබන්න.
- ඊට උඩින් සාදාගත් මිශ්‍රණය වත් කරන්න.
- සෙන්ටිග්‍රේඩ් අංශක 200 ක උෂ්ණත්වයක් ඇති පෝරණුවක මිනිත්තු 30 ක් පමණ තබා උණුවෙන් අයිස් ක්‍රීම් සමග සංග්‍රහ කරන්න.
- දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.
