ආස්මි

අවශ්‍ය ද්‍රව්‍ය
- හාල් පිටි කෝප්ප 2 1/4,
- මිටි පොල් කිරි කෝප්ප 1,
- දිය පොල් කිරි කෝප්ප 1,
- ලුණු කුඩු මේසහැදි 1/2,
- පොල් තෙල්,
- දවුල් කුරුදු කොළ මිටි 1,
- සීනි කෝප්ප 1 1/2,
- වතුර කෝප්ප 1
සාදන ක්‍රමය
- දවුල් කුරුදු කොළ දියකිරි වලින් අඹරා නානු සාදා පෙරාගන්න .
- හාල් පිටි, සාදාගත් නානු මිශ්‍රණය සහ මිටි කිරි එකට එකතුකර ආප්ප මිශ්‍රණය මෙන් අනාගන්න .
- දැන් තාච්චියක් ලිපේ තියලා එයට පොල්තෙල් දමා හොදින් රත් වූ පසු ආස්මි හැන්දකින් රවුමට කරකවමින් වත්කරගන්න.(සිදුරු සහිත ගැඹුරු පොල්කටු හැන්දක් ගන්න පුළුවන් )
- මෙය මදක් බැදෙනකොට තෙල් හැන්දකින් අඩරවුමක් ලෙස නවා දෙපැත්ත දමා බැදගන්න.තෙල් ඉවත් වූ ආස්මි හුලන් නොවදින සේ අසුරා තැබීමෙන් සති 2-3ක් පමණ තබාගැනීමට හැකිය.
- දින දෙකකින් මේ ආස්මි නැවත බැදගන්න.එතකොට හොද ලස්සන සුදු පාටක් එනවා වගේම හොඳින් පිපිලා එනවා.
- දැන් මේ බැදුණු ආස්මි වලට උඩින් පැණි මිශ්‍රණයක් දාන්න ඕනෙ රස වෙන්න නම්. ඒකට සීනි සහ වතුර උණු කරලා ඝන වෙන්න කලින් රටාවකට ආස්මි උඩින් වත්කරගන්න. හකුරු උණු කරලා ගන්නත් පුලුවන්. නැත්නම් සීනි මිශ්‍රණය ට කැමති වර්ණයක් යොදාගන්නත් පුළුවන්.
- දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.
