අඹ බැදුම

May 22, 2023by iwumphihum_ad0
18-1280x853.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

  • බාගෙට ඉදුණු පෙති කපන ලද අඹ 200g (කැමති අඹ වර්ගයක් ගන්න පුලුවන්)(මං හැදුවේ අඹ ගෙඩි දෙකකින්),
  • සිහින්ව පෙති කපන ලද බීළූණු 150g,
  • අමු මිරිස් 100g,
  • කරපිංචා (ඉති 5-6ක් පමණ) ,
  • කෑලි මිරිස් තේ හැදි 02,
  • රස අනුව ලුණු ,
  • ගම්මිරිස් කුඩු තේ හැදි 02,
  • සීනි තේ හැදි 02,
  • දෙහි යුෂ හෝ විනාකිරි මේස හැදි 03 ,
  • බැද ගැනීමට පොල්තෙල්,
  • මේ දේවල් ඔයාලට අවශ්‍ය ගානට එහා මෙහා කරගන්න පුලුවන්.,
  • විනාකිරි ඇලජික්  කෙනෙක් ඉන්නවා නම් විනාකිරි වෙනුවට දෙහියුශ යොදාගන්න පුලුවන්.

සාදන ක්‍රමය

  • මුලින්ම 1/2ට ඉදුණු හොද අඹ ටිකක් හොයාගන්න ඕනේ. ගොඩක් ඉදුණු අඹවත්, ගොඩක් අමු අඹවත් මේ බැදුමට හරියන්නේ නෑ. බාගෙට ඉදුණු අඹ බැදලා ගත්තම තමා ඇඹුල් රසකුත් එක්ක පොඩි පැණිරස ගතියක් එන්නේ. ඒ තමයි මේ බැදුමේ නියම  රස.
  • අඹ ටික හොදට හෝදලා පොතු කපලා අයින් කරගන්න. දැන් අඹ ටිකක් තරමක් මහත පෙති වලට කපා ගන්න.
  • බීළූණුත් තරමක් මහතට පෙති කපාගන්න.
  • අමු මිරිස් කරල් දෙකට වෙන් නොවන සේ මැදින් පලාගන්න.
  • කරපිංචා හොදින් හෝදලා, සම්පූර්ණයෙන්ම වතුර බහින්න තියන්න. වතුර පොඩ්ඩක්වත් නැති වෙනකන්ම හොදට තෙත බේරෙන්න තියන්නම ඕනේ.
  • මම මේ ප්‍රමාණයට ගත්තේ කරපිංචා ඉති 5-6ක් වගේ ප්‍රමාණයක්. ඔයාලා කැමතිනම් මේ ප්‍රමාණය වැඩි හෝ අඩු කරගන්න පුලුවන්.. අඹ කෑලිත් එක්ක කරපිංචා හැපෙද්දි අමුතුම රසයක් එනවා.ඒ නිසා ටිකක් වැඩියෙන් එකතු කරගන්න තරමට තමයි හොද
  • දැන් මේ සියල්ලම වෙන වෙනම ගැඹුරු තෙලේ බැදගන්න ඕනේ. ගින්දර සැර ගොඩක් වැඩි කරන්නේ නැතුව, මද ගින්නේ බැදගන්න. එකම ගානකට ගින්දර සැර දිගටම තියාගන්න.

බැදගැනීමට උපදෙස්

  • මේ බැදුම හදන්න අලුත්ම පොල්තෙල් භාවිතා කිරීම ඉතාම වැදගත්.. මේ බැදුම ටිකක් කල් තියාගෙන කන්න හදනවානම් හෝ රට ඉන්න කෙනෙක්ට යවනවානම් අනිවාර්‍යෙන්ම අලුත්ම තෙල් භාවිතා කරන්න..කලින් බටු, පපඩම්, කට්ලට්, හාල්මැස්සෝ හෝ කිසිම දෙයක් බැදපු තෙල් මේ බැදුමට ගන්න එපා.. ඒකෙන් රසය වෙනස් වෙනවා වගේම කල්තබා ගැනීමේ ගැටලු මතුවෙනවා.
  • අඹ කැබලි වටා රන්වන් පැහැ වන තෙක් ගැඹුරු තෙලේ බැදගන්න.
  • අඹ පෙති බැදලා තෙල් බේරෙන්න ටිෂූ කොලයක් මතට හෝ තෙල් කඩදාසියක් මතට දමන්න. හොදටම තෙල් බේරෙන්න තියන්න ඕනේ.. ටික වෙලාවකින් බැදපු ගමන්ම සමහර කැබලි වල තියන ක්‍රිස්පි ගතිය ගිහින් පෙගුණ ගතියක් එයි.. ඒ ගැන කලබල වෙන්න එපා. මේ අඹ බැදුම හදලා ඉවර වෙනවිට අඹ කැබලි පෙගුණ/මෘදු ගතියට කොහොමත් පත්වෙනවා.
  • අඹ පෙතිවල තෙල් බේරෙන්න තියලා ඒ තෙලෙන්ම ඉතුරු ටිකත් බැදගමු.
  • අඹ තෙල් බේරෙන්න පසෙකින් තබා ඒ තෙලට ලූණු පෙති දමා බැදගන්න. ලූණු ඉතාම හොදින් රන්වන් පැහැ වෙනතුරු බැදගන්න. ලූණු වලත් හොදින් තෙල් බේරෙන්න තියන්න.
  • කරපිංචා සහ අමු මිරිස් ටිකත් වෙන වෙනම ගැඹුරු තෙලේ හොදින් බැදගන්නහොදින් තෙල් බේරෙන්න තියන්න.
  • දැන් අපි අපේ මූලික අමු ද්‍රව්‍ය සියල්ලම ගැඹුරු තෙලේ බැදගෙන ඉවරයි.. තෙල් හොදින්ම බේරෙන්න ඇරලා ඊළග පියවරට යමු 
  • තරමක් ලොකු මැටි හට්ටියක් ගන්න.. අඹ බැදුම කලවම් කරන්න ඕනෙ නිසා ලොකු හට්ටියක් එකක් ගන්න එක වැදගත්.. විනාකිරි දාන නිසත් මැටි හට්ටියක් හොදයි 
  • පෑන් එක මද ගින්නේ තබා එයට විනාකිරි, කෑලි මිරිස්, ලුණු (අපි බැදගත්ත අඹ ප්‍රමාණයට රස අනුව ප්‍රමාණවත් කියලා හිතෙන ලුණු ප්‍රමාණයක් එක් කරගන්න.. එක එක්කනාට ලුණු රසය වෙනස් වෙන නිසා නියමිත ප්‍රමාණයක් හරියටම කියන්න අමාරුයි), ගම්මිරිස් කුඩු, සීනි දමා හොදින් පැසවන්න.
  • මෙය හොදින් පැසවෙන විට සීනි සියල්ල දිය වී විනාකිරි වල  බුබුළු මතු වෙනවා.ඒ වෙලාවෙදි අපි බැදගෙන තෙල් බේරෙන්න තියපු අඹ පෙති, ළූණු, කරපිංච හා අමු මිරිස් සියල්ලම එයට දමා හොදින් කලවම් කරන්න.
  • විනාඩි 2-3ක් පමණ මද ගින්නේ කලවම් කරන්න.. අඹ කැබලි වටා හොදින් මිරිස්, දෙහි, ලුණු තැවරෙන තෙක් කලවම් කරන්න.
  • දැන් ලිප නිවා සම්පූර්ණයෙන් මෙය නිවෙන්න තබන්න.. රස්නේ පිටින්ම හෝ නිවුනට පසුව බත් එක්ක රස විදින්න. ගොඩක්ම රසවත් වගේම අමුතුම රසයක් විදින්න පුලුවන් වෙයි.
  • හොදට හෝදලා පිහදාලා ගත්ත බෝතලේක  හරි box එකක හරි දාලා ටික දවසක් තියාගෙන කන්න පුලුවන්.
  • දැන් පිළිගන්වන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *


WRITE

Our team

We are like to hear you.
info@iwumpihum.hulands.com




GET IN TOUCH

Follow Our Activity

Keep in touth with us with social media


error: Content is protected !!