වැලි තලප

අවශ්‍ය ද්‍රව්‍ය
- කැකුළු හාල් කිලෝ 1 යි,
- තරමක් පැසුණු පොල් ගෙඩි 2 යි,
- ලුණු ස්වල්පයක්,
- සීනි ග්‍රෑම් 400 යි,
- පැණි ලීටර් 1/2 යි,
- එන්සාල් ඇට කීපයක්,
- කරබු නැටි 2ක් පමණ
සාදන ක්‍රමය
- හාල් හොඳින් සෝදා ගරා වතුර පෙරාගෙන කොටා පිටි කරගන්න.
- පෙනේරයකින් පිටි හොඳින් හලාගන්න. පොල් ගෙඩි දෙකෙන් එකක් සිහින්ව ගාගෙන මිටිකිරි සාදාගන්න.
- මෙහිදී ඉතිරි වූ පොල් කුඩු සහ දෙවැනි පොල් ගෙඩිය ගාගෙන එම පොල්ද එකතු කර ඊට පිටි කැට සාදාගන්න. ඇගිලි තුඩු කවාකාරව පිටි බාජනය වටේ යවමින් ඉතා හීනියට කැට කරගන්න.
- ඉන්පසු මේ පිටි පිට්ටු බම්බුවකට ඇතුළු කර තදකර වාෂ්පයෙන් තම්බාගන්න.
- පැණි සාස්පානකට දමා ළිප මත රත් කරමින් ඊට සීනිද ටිකෙන් ටික එකතු කරමින් දිය කරගන්න.(නොනවත්වාම හැදි ගාන්න.) සාදාගත් පැණි ද්‍රාවණයට තලා කුඩුකරගත් එන්සාල් කරබු නැටි සවල්පයක් එකතු කරන්න.( කැමති නම් සූදුරු ඇට කීපයක්ද පැණි වලට එකතු කරන්න)
- දැන් එයට අර මුලින් මිරිකාගත් මිටි කිරි සවල්පයද එකතු කරන්න.මේ අතර නොනවත්වාම හැදිගාන්න. කලින් සාදාගත් පිට්ටු කැට පොඩිකර ටිකෙන් ටික එකතු කරමින් හැඳි මිටකින් පත් ගාන්න. (ලිපේ ගින්දර හොදටම අඩු කරන්න.) හැන්දේ ඇලෙන පදමට ගෙන ළිපෙන් බාගෙන බටර් ගා ලෑල්ලක අතුරා රුවිත හැඩයට කෑලි කපාගන්න.
- දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.
