වටලප්පන්

අවශ්‍ය ද්‍රව්‍ය
- හකුරු 300g,
- උකු පොල් කිරි 250ml,
- බිත්තර 5ක්,
- තලාගත් කරදමුංගු කාරාබූනැටි 5ක්,
- කජුමද ස්වල්පයක්
සාදන ක්‍රමය
- හකුරු ඉතා කුඩාවට කපා ගන්න. එය පොල් කිරි සමග හොදින් මිශ්‍ර කර ගන්න.දැන් වෙනම බෝල් එකක් ගෙන එයට බිත්තර දමා හොදින් බීට් කර ගන්න.
- පසුව එයට හකුරු මිශ්‍රණය එකතු කරගෙන බිට් කර ගන්න.
- අවසානයේ කරදමුංගු ටිකද එකතු කර ගන්න.
- දැන් මෙම මිශ්‍රණය පෙරා, ඇලුමිනියම් බාජනයකට දමා අවන් එකට දාන්න. පැයක් පමණ බේක් කර ගන්න.කැමති නම් හුමාලයෙන් තම්බා ගන්නත් පුළුවන්. මම නම් බේක් කලේ.
- දැන් පිළිගන්වන්න.
