ලුකෙය්මාට් Luqaimat

අවශ්‍ය ද්‍රව්‍ය
- පාන් පිටි කප් 1,
- කෝන් පිටි මේස හැඳි 1,
- යෝගට් මේස හැඳි 1,
- සීනි තේ හැඳි 1,
- තෙල් මේස හැඳි 1,
- ඊස්ට් තේ හැඳි 1,
- වතුර කප් ¾,
- සීනි සිරප්,
- සීනි කප් ½,
- වතුර කප් ¾
සාදන ක්‍රමය
- මුලින්ම පාන් පිටි,කොන් පිටි,සීනි සහ ඊස්ට් ටික බෝල් එකකට දාල හොඳින් මිශ්‍ර කර ගන්න. දැන් එම මිශ්‍රණයට යෝගට් ටික සහ වතුර එකතු කර ගෙන හොඳින් මිශ්‍ර කර ගන්න. (වතුර ටික ටික එකතු කර ගන්න.)අවසානයට තෙල් ටිකත් එකතු කරල හොඳින් මිශ්‍ර කර ගන්න.
- දැන් එම මිශ්‍රණය පොලිතින් එකකින් වහල පැයක් තියෙන්න අරින්න.
- පයිපින් බෑග් එකකට සාදා ගත් මිශ්‍රණය දා ගෙන කුඩා කොටස් කතුරකින් කපල තෙල් එකට එකතු කර ගන්න. මේක ගොඩක් ඇලෙන ඩෝ එකක් නිසා කතුරෙ තෙල් ටිකක් ගාල ගන්න.
- මේක හැඳි දෙකක් ආදරයෙන් උනත් තෙල් එකට එකතු කර ගන්න පුළුවන්.රන් වන් පාට වෙනකන් මද ගින්නෙ බැද ගන්න.
සීනි සිරප්
- සීනි ටිකට වතුර එකතු කරලා ටිකක් උකු වෙනකන් උණු කර ගන්න.
- දැන් සාදා ගත් සීනි සිරප් ටික බැද ගත් ලුකෙය්මාට් ටික උඩින් එකතු කර ගන්න.
- දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.
