යෝගට්

අවශ්‍ය ද්‍රව්‍ය
- ෆ්‍රෙශ් මිල්ක් ලීටර් 1,
- මුහුන් සඳහා යෝගට් එකක්,
- ජෙලටින් මේස හැන්දක්,
- සීනි ග්‍රෑම් 120,
- වැනිලා තේ හැඳි 1,
- ලුණු පින්ච් එකක්
සාදන ක්‍රමය
- ජෙලටින් ටික පෙඟෙන්න තියලා ඩබල් බොයිල් කරගන්න. භාජනයකට කිරි ටික දාලා ලිපේ තියන්න. සීනි හා ලුණු ටික දාගන්න. ජෙලටින් ටිකත් දාගෙන හැඳිගාන්න. අඩිය අල්ලන්න දෙන්න එපා. විනාඩි 20ක් විතර යනකොට බුබුලු දාලා උතුරන්න ගන්නවා.
- ඉතුරුවාට පස්සෙ ලිපෙන් බාගන්න. එහෙම්ම තියන්න ටිකකින් යොදය මිදෙනකල්. ඊට පස්සෙ යොදය අයින් කරන්න.
- තරමකට නිවුනට පස්සෙ යෝගට් එක හා වැනිලා ටික එකතු කරලා බීට් කරන්න.
- දැන් පෙරලා අරන් යෝගට් කප් වලට දාලා නොසෙල්වෙන තැනක තියලා, වොට් 60ක බල්බ් එකක් දාපු පෙට්ටියක පැය 3ක් වගේ තියලා ෆ්‍රිජ් දාගන්න.
- දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.
