මැලේ ක්‍රමයට රසවත් බතක්

අවශ්‍ය ද්‍රව්‍ය
- බාස්මතී ග්‍රෑම් 500
- රතු මිරිස් කරල් 2 ක්
- බී ළුණු ගෙඩි 2- 3
- සුදුළූණු ස්වල්ප වශයෙන්
- අමු ඉඟුරු ස්වල්ප වශයෙන්
- ඉස්සො ග්‍රෑම් 100 ක්
- කටු රහිත කුකුළු මස් ග්‍රෑම් 100 ක්
- ලුනු ගම්මිරිස් කුඩු තේ හැදි 2 ක්
- සීනි තේ හැඳි බාගයක්
- ලපටි බෝංචි කරල් ග්‍රෑම් 75
සාදන ක්‍රමය
- පළමුවෙන්ම බැරි නොවන සේ නියමිත පදමට බත පිසගන්න .
- එයට පසු රතු මිරිස් කරල් ළුණු, ලූණු, සුදු ළුණු, අමු ඉඟුරු එකතුකර හොඳින් අඹරා ගන්න.
- ඉස්සන් කපා සෝදා පොතු ඉවත්කර ඉවත් කර කුකුල් මස් කොටස් ද සෝදා පොඩි කැබලි වලට කපා ගන්න.
- ඉන්පසු තෙල් ස්වල්පයක් අඩු ගින්දර රස්නයට රත්වන්නට තබා පළමුව ඉස්සන් සහ මස් කැබලි දමා බැද ගන්න .අනතුරු අඹරා ගත් මිශ්‍රණය එයට එක්කර එයට පසු බෝංචි ද දමා බැදගෙන සීනි මිශ්‍ර කරගන්න .අවසානේ උයාගත් බත ද තෙලට එක්කර හොඳින් හොඳින් කලවම් කරගන්න .
