පාන් රෝල්ස්

අවශ්‍ය ද්‍රව්‍ය
- පොඩි සැමන් ටින් 1 යි,
- අමු මිරිස් කරල් 3 යි,
- රතු ළූණු ගෙඩි 10 යි,
- අර්තාපල් ගෙඩි 3 යි,
- ලුණු, ගම්මිරිස් කුඩු, දෙහි ඇඹුල්,
- පාන්,
- තෙල්
සාදන ක්‍රමය
- අල තම්බා පොඩි කරගන්න. සැමන්ද පොඩි කරගන්න.
- එක බඳුනකට දමා හොඳින් මිශ්‍ර කරන්න. ලුණු, ගම්මිරිස්, එක් කරන්න. එය තෙම්පරාදු කරගන්න. පසුව දෙහි ඇඹුල් එක්කරන්න.
- පාන් පෙති කපා (හෝ පෙති පාන්) විනාඩියක් පමණ වතුරේ දමාගන්න.
- පසුව එය අත්ල උඩ තබා වතුර ඉවත් කරගන්න. කලින් පිළියෙල කරගත් මිශ්‍රණයෙන් ටිකක් ගෙන පාන් පෙත්තේ මැදින් තබා රෝල් කරන්න.
- පසුව රත්වු තෙලට දමා බැදගන්න. මෙය සෝස් සමග කෑමට ගන්න.
- දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.
