නෙළුම් අල සලාදය

June 7, 2023by iwumphihum_ad0
332.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

ලපටි නෙළුම් අල ,

බී ළුණු ගෙඩි 1 ක්,

අමු මිරිස් කරල් කිහිපයක් ,

මිරිස් කුඩු තේ හැඳි 1/2 ක්,

රටකජු ස්වල්පයක්,

සීනි ස්වල්පයක් ,

ලුණු (රස අනුව),

ලුණු දෙහි ස්වල්පයක්

සාදන ක්‍රමය 

  • පළමුව නෙළුම් අල ගෙන සුද්ද කර සිහින් පෙති කපා ගැඹුරු තෙලේ බැදගන්න. බී ළූණු, අමුමිරිස් සිහින් කැබලි වලට කපා ගන්න. 
  • ඉන්පසු කට පළල මැටි බඳුනක් හෝ දීසියක් ගෙන කපාගත් බී ළූණු, අමුමිරිස්, මිරිස්කුඩු එයට එක්කර හොඳින් අනාගන්න.
  • අනතුරුව ලුණුදෙහි, සීනි, ලුණු රස අනුව එකතු කර අවසානයේ බැදගත් නෙළුම් අල, රටකජු මද ද මිශ්‍ර කර නැවතත් අනාගන්න. (නෙළුම් අල වෙනුවට කොහිල අල ද භාවිතයට ගත හැකිය. සුදු කැකුළු බත සමඟ කදිම එකතුවකි.) 
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *


WRITE

Our team

We are like to hear you.
info@iwumpihum.hulands.com




GET IN TOUCH

Follow Our Activity

Keep in touth with us with social media


error: Content is protected !!