උම්බලකඩ සම්බෝල

අවශ්‍ය ද්‍රව්‍ය
- උම්බලකඩ ග්‍රෑම් 200 යි,
- රතු ළූණු හෝ රටළූණු ග්‍රෑම් 50 යි,
- සුදු ළූණු බික් 3 ක්,
- රම්පෙ, කරපිංචා,
- පොල් (මිටක්),
- කෑලි මිරිස් ස්වල්පයක්,
- දෙහි යුෂ ස්වල්පයක්,
- ලුණු ස්වල්පයක්,
- තෙල් බෝතල් 1/2 යි
සාදන ක්‍රමය
- උම්බලකඩ කැබැලි සිටින සේ කුඩු කරගන්න. රතු ළූණුද සිහින්ව ලියාගන්න. තෙල් ලිප තබා ලියාගත් ළූණු, උම්බලකඩ හා පොල් වෙනම බැදගන්න.
- වෙනත් බඳුනක් ගෙන ලිප තබා රත්වන විට තෙල් ස්වල්පයක් දමා, ලියාගත් සුදු ළූණු, රම්පෙ, කරපිංචා දමා බැදගන්න. ටික වේලාවකින් කෑලි මිරිස්ද එක් කරන්න.
- අවසානයේ වෙන වෙනම බැදගෙන තිබූ පොල්, උම්බලකඩ හා ළූණු ද එක්කර කලවම් කරගන්න. ළිපෙන් ඉවත්කර දෙහි යුෂ හා ලුණු අවශ්‍ය පමණට දමා රසවත් කර ආහාරයට ගන්න.
- දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.
