ඉඳි ආප්ප බිරියානි

අවශ්‍ය ද්‍රව්‍ය
- ඉඳිආප්ප 50ක් විතර,
- තම්බා කැබලි කරගත් චිකන්,
- තම්බාගත් ග්‍රීන් පීස්,
- ගරම් මසාලා තේ හැන්දක්,
- මිරිස් කුඩු තේ හැන්දක්,
- කහ ටිකක්,
- කරදමුංගු 5,
- කරාබුනැටි 6,
- කුරුඳු පොතු කෑල්ලක්,
- ස්ටාර් අනීස් (තියෙනව නම්),
- බේ ලීෆ් එකක්,
- ෆ්‍රෙශ් මිල්ක් කප් 1/4,
- චොප් කරගත් ළූණු,
- ඉඟුරු සුදුළූණු පේස්ට් තේ හැන්දක්,
- කොත්තමල්ලි කොළ මිටක්,
- බැදගත් කජු,
- බැදගත් ළූණු
සාදන ක්‍රමය
- ඉඳිආප්ප ටික පොඩියට කඩාගෙන ෆ්‍රෙශ් මිල්ක් ටික ඉඳිආප්ප වලට ඉස ගෙන පැත්තකින් තියාගන්න.
- ගී ටිකක් රත් වෙන්න තියල ඒකට ඉඳිආප්ප, කජු, කොත්තමල්ලි කොළ සහ බැදගත් ළූණු හැර අනික් සියළු ද්‍රව්‍ය එකතු කරන්න.
- සුවඳ එනතුරු තෙම්පරාදු කරගෙන මේ මිශ්‍රණයට ඉඳිආප්ප ටික එකතු කරගන්න.
- හොඳින් මිශ්‍ර කර කජු, ළූණු සහ කොත්තමල්ලි කොළ උඩින් ඉස පිළිගන්වන්න.
