අල ටොෆී

අවශ්‍ය ද්‍රව්‍ය
- සීනි ග්‍රෑම් 250,
- වතුර අඬු කෝප්ප 1/4,
- තම්බාගත් අර්තාපල් ග්‍රෑම් 250,
- එනසාල් ඇට 2ක්,
- කලරින්ග් බිංදු දෙකක් (කැමති පාටකින්),
- වැනිලා තේ හැන්දක්
සාදන ක්‍රමය
- භාජනයක් ලිපේ තියලා ඒකට සීනි ටික දාගන්න. දැන් වතුර ටිකත් දාලා හොඳට කලවම් කරන්න. සීනි දියවේගෙන එනකොට හොඳට පොඩි කරගත් අල ටික දාන්න. එනසාල් ඇට දෙකත් එකතු කරන්න.
- හැන්දෙන් හොඳට කලවම් කරන්න තලපයක් වගේ වෙනකල්. ගින්දර වැඩි කරගන්න එපා. දැන් කලරින් ටිකක් එකතු කරලා වැනිලා ටිකත් දාගන්න.
- තෙත ගතිය හිඳෙනකල් හැඳිගාලා බටර් ගාගත්තු තැටියකට දාලා කෑලි කපා ගන්න.
- දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.
